අනුරාධපුර ඇලයාපත්තුව ප්‍රදේශයේ, තිලංගගහ වැව ප්‍රදේශයේ අසල්වැසි නිවසක
පදිංචිව සිටින තම යෙහෙළිය වැඩිවියට පත්වීම හේතුවෙන් ඇගේ තනි රැකීමට එම
නිවසට ගිය 13 හැවිරිදි බාලවයස්කාර දැරියක අපයෝජනයට ලක් කළ වැඩිවියට පත් වූ
එම දැරියගේ පියා ඇතුළු දෙදෙනෙකු පෙරේදා (19දා) අත්අඩංගුවට ගත් බව
ඇලයාපත්තුව පොලීසිය සඳහන් කරයි.
සිද්ධියට මුහුණ පෑ දැරිය ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.
තමන් 24 හැවිරිදි සැකකරු සමග ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන යන අතර ඔහුගෙන් අපයෝජනයට ලක්වූ බවත් පසුව වැඩිවියට පත්වූ යෙහෙළියගේ තනියට එම නිවෙසට ගිය අවස්ථාවේදී ඇගේ පියා වන 48 හැවිරිදි පුද්ගලයා තමන් අපයෝජනයට ලක් කළ බව බව පාපොච්චාරණය කළ බව පොලීසිය කියයි.
ඒ අනුව විමර්ශන මෙහෙයවා පෙරේදා (19දා) මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.
ඇලයාපත්තුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන සිදු කරයි.