මම කඩේ ඇතුලට ආවට පස්සේ හැමෝටම ඇහෙන්න කතා කලා. දැන් මිස්ටර් කෙවින් මිස්ටර් මොහොමඩ් මේකයි ප්‍රශ්නේ.මේ මුදලාලි මහත්තයට ඇත්තටම යන්න තැනක් නෑ. මේ මුදලාලි මහත්තයා තමයි මේ කෙවින් මහත්තයගෙ මේ ඉඩමත් මෙච්චර කාලයක් බලාගෙන හොරෙකුටවත් එන්න නොදී අඩුම ගානේ එහා පැත්තෙ පිට්ටනියට සෙල්ලම් කරන්න එන කොල්ලො කුරුට්ටන්ගෙන්වත් මේ ඉඩමේ තියන ගහ කොලවත් විනාස කරන්න නොදී මේ ඉඩම බලාගත්තේ මෙච්චර කාලයක්. ඉතින් ඇත්තටම මේ මුදලාලි මහත්තය ඒ අතින් බැලුවොත් මිස්ටර් කෙවින්ට ලොකු උදවුවක් තමයි කරලා තියෙන්නෙ. මේ මුදලාලි මහත්තයටයි එයාලගෙ ලමයි දෙන්නටයි මේ ගමේ ඉන්න ඉඩ දෙන එක අපේ යුතුකම නේද. ඇත්තටම මේ මුදලාලි මහත්තයට ටිකක් බයයි මේ දේ ගැන. ඒක නිසා මට මිස්ටර් මොහොමඩ් ලෙටර් එකක් හදලා දෙනවද මේ මුදල්ලලිටයි එයාගේ පවුලෙ අයටයි දැන් ලැබෙනවා කියපු දේවල් නිත්‍යානුකූලව ලැබෙනවා කියලා සහතික කරලා. එතකොට මේ මුදලාලිගෙ හිතත් නිදහස් නේද මිස්ටර් මොහොමඩ්.
ඔවු ඒක හරි මිසිස් සිතාරා
මම හෙටම ඒ ඩොකියුමන්ට් ටික රෙඩි කරලා දෙන්නම් මුදලාලි බය වෙන්න එපා අපි කියපු විදිහටම මුදලාලිට සාදාරනයක් කරනවා. මුදලාලිට තියෙන්නෙ පවුලේ අයත් එක්ක සතුටින් මේ ලමා නිවසෙත් බලාගෙන ජීවත් වෙන්නයි.
එහෙනම් මුදලාලි මහත්තයෝ ආයුබෝවන් අපි ගිහින් එන්නම් මම හෙටම ග්‍රාමසේවක නෝනගේ අතේ මුදලාලිට ලැබෙන දේවල් ගැන ලියුමක් හදලා එවන්නම් කියලා කෙවිනුයි මොහොමඩුයි එලියට බැස්සා.
මමත් මුදල්ලලි එහෙමනම් මම ගිහින් හෙට දිහාට එන්නම් කියලා එලියට ආවා. අපි හෙමීට කාර් එක ලගට ගියා. මිසිස් සිතාරා දැන් ගෙදර යනවද අපි ඩ්‍රොප් කරන්නද කියලා මොහොමඩ් ඇහුවා.
අනේ එපා මිස්ටර් මොහොමඩ් මගේ ගෙවල් තියෙන්නෙ මේ ලගමයි. මම යන්නම්. හෙට ඩොකියුමන්ට් ටික රෙඩි කරගෙන එන්නකො මම හෙට ඔෆිස් එකේ ඉන්නවා කියලා මම කෙවින්ගේ මුන දිහා ආයේ වතාවක් බලලා කිවුවා.
ඕකේ මිසිස් සිතාරා කියලා කෙවින් මට ආයේ වතාවක් අත දුන්නා. මමත් අත දික් කලා එදා වගේම මුලු අතම වැහෙන්න එදාටත් වඩා තදින් මගේ අත මිරිකලා කෙවින් වාහනේට නැග්ගා. මොහොමඩුත් මම හෙට එන්නම් මිසිස් සිතාරා කියාගෙන වාහනේට නැගලා යන්න පිටත් වුනා.
මම හැරිලා මුදලාලිගේ කඩේ දිහා බැලුවා. මුදලාලියි එයාගේ නෝනයි බලාගෙන ඉන්නව මම දැක්කා මම ඒ දෙන්නටත් අත වනලා ගෙදර යන්න පිටත් වුනා.
ගෙදර ගිහින් මම වෙනදා වගේම ලමයව නාවල සෙල්ලම් බඩු ටිකක් අතට දීලා නාගන්න ගියා. මම නාන ගමනුත් කල්පනා කලේ අද වුන දේවල් ගැන. අර වගේ කාර් එකක යන්න මටත් වාසනාවක් තිබ්බනේ කියලා මම හිතුවා. එතන මම ලැජ්ජ වුන විදිහ ගැනත් මට හිතුනා.
ඒකෙන් මට අමුතුම හැගීමක් ආවා. පිරිමි දෙන්නෙක් ඉස්සරහ මම ඒ වගේ අපහසුතාවයට පත් වෙලාම නෑ අද වෙනකම්. ඉතින් ඒක මට අමුතු හැගීමක් වුනා.කෙවින් මගේ කකුල් දිහා මගේ අත් දෙක දියා උරෙස්ස දිහා බලාගෙන හිටපු විදිය මට මතක් වුනා. අන්තිමට අතින් අල්ලපු එකත් මතක් වුනා. මම මගේ අත් දිහා බලාගෙන මටම හිනා වුනා,මේ මොන පිස්සුවක්ද මට හැදිලා තියෙන්නෙ කියලා මම මටම කියා ගත්තා.
ඉතින් ඊට පහු වෙනිදා හවස් වෙනකන් කෙවින්වත් මොහොමර්වත් ආවේ නෑ. බොරුවක් කලාවත්ද කියලා මටත් පොඩි බයක් ආවා. ඒත් හවස 4.00 වගේ වෙනකොට කාර් එක ඇවිත් නවත්තලා මොහොමඩ් බැස්සා. මම ඉස්සිලා බැලුවා කෙවින් ඉන්නවද කියලා. ඒත් මොහොමඩ් විතරයි ආවේ අද.
මිසිස් සිතාරා මෙන්න ඩොකියුමන්ට් ටික මම ගෙනාවා මිසිස් සිතාරා චෙක් කරලා බලන්න කියලා මගේ අතට ෆයිල් එකක් දුන්නා. හදිස්සියට චෙක් කරන්න පුලුවන් දෙයක් නෙමෙයිනේ මේක.ඒක නිසා මම කිවුවා මිස්ටර් මොහොමඩ් මම මේක චෙක් කරලා බලල මිස්ටර් මොහොමඩ්ට කෝල් කරන්නම් කියලා.
ඉට්ස් ඕකේ මිසිස් සිතාර හෙමිහිට චෙක් කරලා බලන්න.
ඒක නෙමෙයි මිසිස් සිතාර ගැන අපේ මිස්ටර් කෙවින් ලොකු සතුටකින් ඉන්නේ කියලා මොහොමඩ් මට කිවුවා.
අනේ ඒ මොකද මිස්ටර් මොහොමඩ්
ඇයි මිසිස් සිතාරා නිසානේ අපිට මේ වැඩේ ලේසියෙන්ම කරගන්න පුලුවන් උනේ. ඉතින් ඒකට මිස්ටර් කෙවින් ඉන්නෙ මිසිස් සිතාරා ගැන ලොකු පැහැදීමකින්.
අනේ මම ඉතින් මොක්ද්ද කලේ අර මුදලාලි මහත්තයට හරියට හැම දේම පැහැදිලි කලා විතරයිනේ.
ඒක තමයි මිසිස් සිතාරා
මමයි මිස්ටර් කෙවිනුයි එදා ගිහින් ඒ මුදලාලි එක්ක කතා කලාම එයා ටිකක් අකමැත්තෙන් වගේ අපිට කතා කලේ. ඉතින් අපි ඒකයි මේ ගමේ ග්‍රාම සේවක කවුද කියලා හොයලා බලලා මේ ගැන දන්වන්න හිතුවේ. අපේ වාසනාවට මිසිස් සිතාරා වගේ කෙනෙක් හිටියේ.මිසිස් සිතාරගෙ වචනෙටයි මුදලාලි වුනත් මුකුත් නොකියා එකපාරින්ම කැමති උනේ.
ඕකේ ඕකේ මිස්ටර් මොහොමඩ්
ඒක ඉතින් මගේ ජොබ් එකනේ මිස්ටර් මොහොමඩ්
ඒක හිතන්න එපා කියලා මම කිවුවා
එහෙම නෙමෙයි මේකට අපිට සම්පූර්ණයෙන්ම සහයෝගය දුන්නෙ මිසිස් සිතාරනේ. ඉතින් මිස්ටර් කෙවින් පොඩි ගිෆ්ට් එකක් එවුවා මගේ අතේ මිසිස් සිතාරට දෙන්න කියල්ල.
ගිෆ්ට් එකක් මට
අයියෝ ඔයාලට පිස්සුනේ මිස්ට මොහොමඩ් කියලා මම කියද්දිම මොහොමඩ් ලියුම් කවරයක් මගෙ අතට දුන්නා.
මම මේක දැන් බලන්නද මිස්ට මොහොමඩ් කියලා මූන දිහා බැලුවා
ප්‍රශ්නයක් නෑ මිසිස් සිතාරා දැන් බලන්න කියලා මොහොමඩ් මට කිවුවා.
මම ලියුම් කවරේ ඇතුලේ තිබුන කොලය එලියට ගත්තා.
අම්මෝ මේක චෙක් එකක්නේ
ලක්ශ 5 ක චෙක් එකක්
මේ ඇයි මිස්ටර් මොහොමඩ් කියලා මම බය වෙලා ඇහුවා.
ඕක මිස්ටර් කෙවින්ගෙන් මිසිස් සිතාරට පොඩි ගිෆ්ට් එකක්
මේ පොඩි ගිෆ්ට් එකක්ද ලක්ශ 5 කියන්නෙ පොඩි ගිෆ්ට් එකක්ද
අයියෝ මිසිස් සිතාරා මිස්ටර් කෙවින් ගැන දන්නේ නෑ
ලංකාවේ අපිට ඕක ලොකු ගානක් වුනාට එයාට ඕක බොහොම පුන්චි මුදලක් ඒක නිසා ඕක ගන්න කියලා මට කිවුවා.
ඇත්තටම මට කරන්න ඕන මොකද්ද කියලා හිතා ගන්න බැරි වුනා
ඒ වගේම මම ගොඩක් බය වෙලා හිටියේ ඒ වෙලාවේ.
අනේ අයිම් සොරි මිස්ටර් මොහොමඩ් මට මේක බාරගන්න බෑ.
සමාවෙන්න මුකුත් හිතන්න එපා
මට මෙච්චර ලොකු මුදලක් ඕන නෑ
ප්ලිස් මේක ආපහු ගන්න කියලා මම චෙක් එක මොහොමඩ්ට දුන්නා
ඕකේ මිසිස් සිතාර මම මිස්ටර් කෙවින්ට කියන්නම්. නෝ ඉශූ කියලා මොහොමඩ් අමනාපෙන් වගේ නැකිට්ටා. මම මුකුත් කිවුවේ නෑ. මොහොමඩ් කාර් එකේ නැගලා යන්න ගියා. වුන දේ හිතාගන්න බැරුව මම බලා ගත්ත අත බලාගෙන හිටියා ටිකක් වෙලා.මම ඔෆිස් එක වහලා ඉක්මනට ගෙදර ආවා.
ඇවිත් කල්පනා කලෙත් සිද්ද වුන දේ ගැන. තිවන්ක ගෙදර ආව 9 විතර හොදටම බීලා. අනේ මේ දේවල් ගැන කතා බහ කරන්නවත් මේ මිනිහා සිහියෙන් හිටියනම් කියලා මට ඒ වෙලාවේ හිතුනා.